මේ වසරේ පළමු වතාවට මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂයේ සීමාවෙන් පහළට ගොස් තිබේ. එසේම ජනවාරි හා මැයි යන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගේ ප්‍රමාණය 524 486 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වරකාපොල, නාංගල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඉගෙනුම ලබමින් සිටි සිව් හැවැරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ බව කියන එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන පාළිකාවගේ සැමියාට එරෙහිව ප්‍ර දේශවාසීන් විරෝධතාවක් පැවැත්වීය.
Read Moreලෝකයේ ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබේ. ඒ සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රභල ව්‍යාපාරයක් වන LMVH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට් දෙවැනි ස්ථානයට පත්කරමිනි.
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.
Read Moreවයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා වෙනුවෙන් බදු ලිපිගොනුවක් විවෘත කළත් ඒ සියලු දෙනාගෙන් බදු අයකිරීමක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreසාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ප්‍රගමනය වෙනුවෙන් රජයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත සංගම්, යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් හා නිෂ්පාදකයන් සමග වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පසුගිය (30) වනදා හා ඊයේ (01දා) පැවැති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.
Read Moreවිදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් 2023 .01. 26 වන දින නෙදර්ලන්තයේ ’’ බෙස්ට්’’ සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ඊයේ (01දා) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.මෙම ජගුවර් යුවළට ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය බලාපොරොත්තු වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවසීය.
Read Moreඅජාන් බ්‍රහ්මවංශ හිමියන් ඉකුත් 31 දින අලුයම ගුවන් ගත වීම සදහා සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් වෙත පැමිණ ඇති බවත්, උන්වහන්සේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් යානයක් නොමැතිව සිටියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය උදව් කළ බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.
Read Moreමීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.
Read Moreරටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.
Read Moreපෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු වුවත්,ත්‍රිරෝද රථ ගාස්තුව කිසිදු මුදලකින් අඩු නොකරන බව ත්‍රිරෝදරථ රියදුරන්ගේවෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.
Read Moreබංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ක මූල්‍ය පහසුකම මේ වසරේ අගෝස්තු - සැප්තැම්බර් අතර කාලයේදී ආපසු ගෙවීමට හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් පවතින බවත් ඒ අනුව පොලි අනුපාත පහළ යාම ඉදිරියේදීත් සිදුවෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
Read Moreහිටපු අමාත්‍ය විමිල් වීරවංශ 9 සැඟවුණ කථාන නැමැති ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ තමාගේ කීර්තනාමයට හානි වන අයුරින් ප්‍රකාශ කර ඇති බවත් එයට වන්දි මුදලක් ගෙවන ලෙසත් ඉල්ලමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තම නීතිඥයින් මගින් වීරවංශ මහතාට එන්තරවාසියක් යොමුකර තිබේ.
Read Moreමෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය අසත්‍ය බව මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
Read Moreදකුණු අප්‍රිකානු ’’ ඒ ’’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
Read Moreහෙද සේවාව සඳහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීම සඳහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලයන්හි පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (30) අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
Read Moreප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreවී වගාව තුළ ගොඩවෙල්ලා හෙවත් Spodoptera දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ.
Read Moreඅවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා බිරිද වල දමා ඇති බවත් එම මරණය නිත්‍යාණුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමියා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් බවත් මැදවච්චිය පොලිසිය කියයි.
Read Moreලංකා සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වර්ග 6ක මිල පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව පාන්පිටි, ලොකු ලූණු, රතු පරිප්පු, සුදු සීනි, කඩල හා දේශීය සුදු නාඩු මිල මෙසේ අඩුකර තිබේ.මෙම භාණ්ඩ මිල අඩුකිරීම අද (01දා) සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස් අලෙවි සැල් හරහා ක්‍රියාත්මක බව සතොස් නිවේදනය කරයි.
Read Moreදිවයිනේ ගංඟාවක් මත ඉදිකල ප්‍රථම තොරණ රත්නපුර මුවගම කළුගඟ හරහා ඉදිකර ඇත.
Read Moreදැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වැඩි වේගයකින් උද්ධමනය අඩු වී 2023 වසරේ තුන්වන කාර්තුව වන විට තනි අගයක මට්ටමට ලඟා වනු ඇතැයි මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඊයේ (31දා) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 13 දක්වා සහ සියයට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා (Kenji Okamura) මහතා අතර හමුවක් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreක්ෂේත්‍ර කිහිපයක නියැලෙන වෘත්තීයවේදීන්, ව්‍යාපාර ලියාපදිංචි කර ඇති තැනැත්තන් අතුළුව වසරකට රුපියල් ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් ලබන සියලුම තැනැත්තන් අද (01දා) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
Read Moreරාජ්‍ය අංශය අනුග්‍රහයෙන් ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී තිබේ.
Read More2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බව පවසමින් විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කරමින් පවතී.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1දා) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More