සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට, වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරියට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදෙස් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් සැලකිය යුතු පිරිසක් රට හැර යාම හේතුවෙන් එහි ගුවන් මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් ඇතිව තිබේ. ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට නියමිතය.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreසංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන්න ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිඛිත දැනුවත් කිරීමක්.
Read Moreනීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය.
Read Moreතම පළමු විවාහයේ අවුරුදු 12ක දියණිය ඝාතනය කළ මිත්තනියක් පිළිබඳව තොරුතුරු කෝපායි පොලිස් වසමෙන් වාර්තා වෙයි.
Read Moreප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සම්බන්ධව වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් පන් දහස බැගින් රුපියල් පහලොස් දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඉකුත් අගහරැවාදා ( 12 වැනිදා ) නියම කරනු ලැබුවාය.
Read Moreපුද්ගලයින් වැඩි පිරිසක් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසා බවත් දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් බන්ධනාගාරගත සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකි බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඅපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට පැන යැමට උදව් කිරීමට උත්සාහ කල බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාගේ සේරැනුවර ඔහුගේ මස්සිනට දි තිබු ලැප්ටොප් පරිඝණකයන් හා ඉහල වටිනා කමකින් යුත් ජංගම දුරකථනයක් ඊයේ (13) අත් අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සමත්වුහ.
Read Moreඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතා දැක්වූ එම පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමක් එම විද්‍යාලයේදී ඊයේ (13) සිදු කෙරිණි.
Read Moreමෙරට ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (13දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
Read Moreනගර හා තදාසන්න ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් යොදවා තිබෙන බවත් මිට අමතරව යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය කොඨඨාශය සදහන් කරයි.
Read Moreජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
Read Moreදුම්රිය එංජින් රියදුරන් පසුගිය 11වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය අුද (13දා) දිනයේදීත් සිදු වූ අතර, මේ අනුව අද දිනයේදී දුම්රිය ගමන් වාර 128ක් අවලංගු කිරීමට සිදුවිය.
Read Moreපාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreදරුවන් අතර මේ දිනවලදී විශේෂ චර්ම රෝගයක් පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (13දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.
Read Moreබණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළැයි ගම්වාසීන් සමග විරෝධතාවයේ යෙදුණු පුද්ගලයෙකු අද (13) හදිසියේම රෝගාතුරව රෝහල් ගත කිරීමේදී මිය ගියේය.
Read Moreලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රීයව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පැවසීය.
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසළදි (13) දින පස්වරු 3.30 ට පමණ පිලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreසැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවද කියයි.
Read Moreආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කල හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් චැනල් ෆෝ වැනි නාලිකා වල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.09.13) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
Read Moreවසර 2 කට ආසන්න කාලයක් ඉදකිරීම් ඇනහිට ඇති බදුල්ල මහ රෝහලේ නව පිළිකා සායන සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉතිරි ඉඳකිරීම් සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 750 ක මුදල ලබාදීමට කොලඹ නාවල පදිංචි හිලරි විශ්වජිත් පෙරේරා මහතා කටයුතු කර තිබේ .
Read More“පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන” බව ජාතික ජන බලවේගයේ පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.
Read Moreමහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළහ.
Read Moreඅපවත්වී වදාළ බෝධි සත්ව ගුණෝපේත වතුරවිල ඥාණානන්ද මහා නායක හිමියන්ගේ 37 වැනි ගුණසැමරුම නිමිත්තෙන් වතුරවිල වන සෙනසුනේ පැවැති දානමය පිංකමට කුරුදුගහහැතැප්ම දිවය හෘදය දේවස්ථානයේ ප්‍රධාන පියතුමා වන ෂෙල්ටන් පනාන්දු පියතුමාද පැමිණ සිටියේය.
Read Moreපවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග මොරගහකන්ද ජලාශයේ ජලය සිදි යෑමෙන් පැරණි ගම්මාන රැසක් යළි මතුව තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් මස 14 වන දින සිට 24 වනදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreබ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහ නමයක් වටිනා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ පෞද්ගලික ආයතනයකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/12 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමියගිය පුද්ගලයා පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිඳ සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර ,ඔහු පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී , අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබා දී මට මැරෙන්න හිතිලා කියා පැවසී යයි මළ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බිරිඳ සිදු කළ ප්‍රකාශයක සදහන් වන බව එගොඩඋයන පොලිසිය කියයි
Read More