ගුරුවරියගේ මෝටර් රථයට තරුණයෙක් බිලි
පානදුර ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරියක් පදවාගෙන යමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එය පැදවූ තරුණයා මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.
පානදුර හොරණ මාර්ගයේ පින්කොටුව ප්‍රදේශයේදී මෙම අනතුර වී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පානදුර නිව්ඩාව හන්දියේ පදිංචිව සිටි අවිද්‍ය රසිදු ප්‍රනාන්දු නැමැති 18, හැවිරිදි තරුණයෙකි.
මෝටර් රථය බණ්ඩාරග දෙස සිට පානදුර දෙසට ධාවනය වීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදිය හා මුහුණ ට මුහුණ ගැටිමෙන් මෙම අනතුර වි ඇතැයි පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් ගුරුවරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ආර් ඒ එස් චාමින්ද පොලිස් කොස්තාපල් 28814 බණ්ඩාර පහත්වරුන් පරීක්ෂණ පවත්වයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
