සමාන්‍යපෙල විභාගයට පෙනි සිටිමට ගොස් අතුරුදහන් වු සිසුවියන් දෙදෙනා කඩුවෙලෙන් හමුවෙයි
අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස් පසුගිය (14දා) දින අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි ඊයේ (15) දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානය වෙත (14) දින උදැසන විභාගයට පෙනි සිටිමට ගිය සිසුවියන් දෙදෙනා විභාගයට පෙනි නොසිට කිසිවෙකුට නොදන්වා එදින නිවසට නොපැමිණි නිසා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කර තිබුණි.
රැකියාවක් සොයාගැනිමේ අපෙක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත්, පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් (15) දින රාත්‍රියේ ඒ බව තම දෙමව්පියන්ට දැනුම් දි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
කඩුවෙල ප්‍රදේශයේ සිට එම පාසල් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ ඥාතින් විසින් අද (16) දින ගිනිගත්හේන පොලිසිය වෙත රැගෙන එන බවත්, එම පාසල් සිසුවියන් දෙදෙනාට අවවවාද කර ඥාතින් වෙත භාර දිමට කටයුතු කරන බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
