ශ්‍රී මහා බෝධිය ආරක්ෂාකරන පොලිස් නිලධාරීන්ට නව ඇඳුමක්
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25දා) සිදු කෙරිණි.
මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරී ආරම්භ කල පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට, අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර, පිරිත් නූල් බැඳ ආශිර්වාද සිදු කළහ.
අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කල ඉල්ලීමකට අනුව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සී.එල්.ආර්.කේ.බී. වෑත්තෑව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

