රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සහාය ලබාදීමට ගේට්ස් පදනම සහතික වෙයි
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.
ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකාර්මාන්තය නගා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබා දීම ඇතුළු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත්, දේශගුණික විපර්යාස ආදි ක්ෂේත්රයන්ට අදාළ ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
නව රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වා දුන් චන්දිත සමරනායක මහතා රජය ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය, තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ගේට්ස් පදනම සූදානම් බව ද පැවසීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

