saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3004 hours ago

LATEST

අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට රුපියල් විසිදහසක දීමනාව අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් සඳහන් කරමින් ඊයේ(06දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දුන් බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සඳහන් කරයි.

Read More

ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බවට සඳහන් ලිපියේ අන්තර්ගතය පිළිබඳ කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (06දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම වැළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු හතරදෙනෙකු ගොනු කළ පෙත්සම් අද (07දා) දින සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (06) තීරණය කළේය.

Read More

පවතින වැසි තත්වය නිසා ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පොදුවේ ඊයේ(06දා) වන විට 78.7%ක් දක්වා ඉහළ ගොස් තිබූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් මීට වසර 10කට ඉහතදී සමූහ ඝාතනය කළ බවට වූ චෝදනාවන්ට තමන් වැරදිකරු කොට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළ මරණ දඬුවම ඉවත දමා තමන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා ගොනු කළ අභියාචනය හෙට (08දා) දින පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) තීරණය කළේය.

Read More

මහ කන්නයේ වී වගාව සඳහා මූල්‍ය සහනාධාර ලබා දීමට රුපියල් බිලියන 12ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියනයක් පළමු අදියර ලෙස ගොවි ගිණුම් වෙත බෙදා හැරීමට නියමිතය. ඒ අනුව අදාළ මුදල් ගොවීන්ට ගිණුම්ගත කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලවල ගිණුම්වලට අද (06දා) බැර කර තිබිණ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංක මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.

Read More

අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවකට හිමිකම් කියයි.

Read More

යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම මෙන්ම පළමු වරටද වූ දැවී යාමකට ලක්විය.

Read More

ඉතාලියේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචාකිරීම සම්බන්දයෙන් ප්‍රසිද්ධ සහය නළුවෙකු අද (06) අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය දා ඩුබායි හි පැවති ’’ ඇරේබියා කාගෝ එවෝඩ් ’’ (Arabia Cargo Awards ) අරාබි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්මාන උළෙලේ දී ’’ නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය ’’ ට හිමි සම්මාන දිනා ගැනීමට සමත් වී ඇති බව 11/06 දින ශ්‍රී ලන්කන් ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී .

Read More

මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් දික්ඔය වතු පාලකයන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණ.

Read More

පාලන මිලට සිනි අලෙවි කිරිමේදි කිලෝවකට රු 20 පාඩුවක් තමන්ට සිදු වන බවත්, ඒ අනුව තමන් සතුව තිබෙන සිනි තොග අවසන් විමෙන් අනතුරුව සිනි වෙලදාමෙන් ඉවත් වන බව හැටන් ප්‍රදේශයේ සිනි තොග සහ සිල්ලර මිලට අලෙවි කරන වෙලදුන් පවසති.

Read More

ජනතාවට ආඩම්බර විය හැකි රටක් ගොඩ නගන බවත් සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමට අලුතින් හිතිය යුතු බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවැසිය.

Read More

දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් ඊයේ (05දා) සවස සිය නිවස තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව මීගහවත්ත පොලිසිය පවසයි.

Read More

පස්කන්දක් කඩාවැටී අද 6 අලුයම් කාලයේ වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

ආණ්ඩුව විසින් දුම්රිය සේවයට අවශ්‍ය උපකරණ හා උපාංග, පුහුණු සේවකයන් ලබා නොදෙමින් දුම්රිය ප්‍රමාද කිරිමට හා ගමන් වාර අවලංගු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

රුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද පස්වරු 6. 00 ට පමණ පස්කන්දක් ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති බවත් නිවාස පහක පදිංචිකරුවන් ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ කේ ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80 ක් ලබා ගෙන තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කර දුන් ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කාන්තාවක සහ තරුණයෙකු 11/05 දින උදෑසන ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසක දී (4) පස්වරුවේ අඹුසැමියන් ලෙස ජීවත්ව සිටි සැමියා සිය බිරිඳ ඝාතනයකර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කිය.

Read More

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයකට නැගි පුද්ගලයෙකු එහි රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට භිය ගන්වා ත්‍රිරෝද රථය කොල්ල කා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

Read More

සීනි සඳහා අය කරන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙට්‍රික් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරිම නිසා රජයට කෝටි 100ක බදු ආදායම පාඩු වී ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මොනරාගල පොලිස් වසමට අයත් ඉත්තෑකටුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සිරුරට ගිනිඇවිලීමෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාරලබමින් සිටියදී අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මාරාව ඉත්තෑකටුව පදිංචි බී.ආර් පුංචිමැණිකා (83) නැමති තිදරු මවකි.

Read More

කුරුණෑගල ඓතිහාසික රාජධානියට අයත් බව කියන රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උසස් නිලධාරියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු ලෙසට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තාවේ.

Read More

විහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.