නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් කළේය.
බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreපොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
Read Moreමඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අළුයම පොළඟෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිළිඳෙකු ඉතා ඛේදජනක ලෙස මිය ජිවිතක්ෂයට පත්වේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
Read Moreවෛද්‍ය නිර්දේශයක් නොමැතිව වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය නොඳුන් බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ අඹු සැමි යුවළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිදුලි බල මණ්ඩලය ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත මහජන මුදල් සූරාකෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (24දා) 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
Read Moreක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreඅපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් – ජනපති අවධාරණය කරයි.
Read Moreසෙවනගල ග්‍රාමීය රෝහලේ ස්ථානභාර ප්‍රධාන වෛද්‍යවරයා වන ගෝනපීනුවල විතානගේ චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ ජලටැංකියට වස මිශ්‍රකළ එම රෝහලේ සාත්තු සේවකයෙකුට මිනීමැරීමේ චෝදනාව යටතේ වසර 10 කින් ගෙවීයන පරිදි වසර 20 සිරදඬුවම් සහ අගතියට පත් නිල නිවසේ සිටි සිව්දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් පන්දහස බැගින් රුපියල් විසිදහසක දඩයක් ඉකුත් (21) වෙනිදා පැවති නඩු විභාගයේදී ඇඹිලිපිටිය පළාත් බද මහඅධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් නියමකරනු ලැබුවේය.
Read Moreශ්‍රී ලංකාවේ මාසයක අදායම රුපියල් බිලියන 215ක් බවත් මාසික වියදම රුපියල් බිලියන 383ක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව මාසයක රටට ඇති හිඟය රුපියල් බිලියන 168ක් බවද ඔහු පැවැසීය.
Read Moreදිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවිමක් අද දිනයේද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2023 වසරේ ඔක්තෝබර් මාසයේ ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 51ක ප්‍රතිශතයක් ලබමින් එහි ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කියයි.
Read Moreමාර්ග සංවර්ධන අධිකාරියේ මුදල් අයකැමිවරුන් ඇතුළු සියලුම සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් වු පෙරේදා (22) අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 21 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවැසීය.
Read Moreකාන්තාවන් සඳහා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සාමාන්‍ය අවුරුදු 76/77ත් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreඅතුරුගිරිය ස.තො.ස වෙළඳ සැලේ බඩු රාක්කයේ සිට මුදල් ගෙවීමේ කවුන්ටරය ලඟට එද්දී තත්පර කීපයක් තුල පැකට් කරන ලද දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහල යෑමේ සිද්ධියක් දකින්නට ලැබිණි .
Read Moreතන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.
Read Moreජල මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreකොහුවල ප්‍රදේශයේ ඉන්ධන හලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරීන් අද (23දා) දින කටයුතු කළේය.
Read Moreඋඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.
Read Moreපසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඩුවම් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංගනය වී ඇතැයි සති දෙකක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
Read Moreඅබුඩාබි ටී ටෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබේ. එසේම ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීරද එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.
Read Moreමාසයයි සති තුනක් වයසැති බිළිදෙකු හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඅධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (22) පෙරවරු 7 සිට වෘත්තීය සමිති 26 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය දොළහකට පමණ පසු ඊයේ (22) රාත්‍රී 7 නිමා කෙරිණි
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 24දරණ දුම්රිය බිංගෙය අසලදී විශාල ගල්පර්වත සහ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 176/78 කනුව අසලදී විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුවීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) කොළඹ සිට නානුඔය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreකඳුකර ප්‍රදේශයට අදහන නම් ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වනවිට සියලු ජලාශ වාන් දමමින් පවතී .
Read More2022-2023 මහ කන්නයේ අස්වැන්න මත සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 03ක පමණ අතිරික්තයක් රට තුළ පවතින බවත්, ඒ අනුව ඉදිරියේදී සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
Read More