saravita-anim2

2025 ජුලි මස 01 වන අඟහරුවාදා

2025 ජුලි මස 01 වන අඟහරුවාදා

Latest News - timelapse 2849 hours ago

LATEST

ලක්ෂ දෙකහමාරක් වටිනා දෙහි කිලෝ 250ක් හොරෙන් කඩලා

calendar_today 2023 සැප් 17 - 11:23 remove_red_eye - 521  

ගිරානේගම පොලිස් වසමේ, උල්පත යාය ප්‍රදේශයේ වගා බිමක ලක්ෂ දෙකහමාරක් වටිනා දෙහි කිලෝ 250 සොරකම් කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (16 දා) විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසයි.

මහරගම විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු එකොළහක තැම්පත් කර තිබූ රුපියල් කෝටි එකසිය පහක තැම්පතු මුදල් යළි ගණුදෙණු කරුවන්ට ලබා දීම සදහා සමූපාකාර සමිතිය සතු ඉඩම් පහක් අළෙවි කිරීමට පසුගියදා රැස්වූ මහා සභා රැස්වීමකදී තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Read More

ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ශූරිය වන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා තිනිදු ලියනගේ සිසුවිය පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 14 දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි .

Read More

පනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරක් සඳහා ගෙනෙන ලද අලියෙකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවෙකු එම අලියා 15දා සවස පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.

Read More

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා තැනැත්තන් බඳවාගැනීම සිදුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (2023.09.15) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

එසේ ම පාස්කු ප්‍රහාරය නිසා විපතට හා හානියට පත් මෙරට ජනතාවගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් තාරුණ්‍යයේත් අපගේත් කාර්යභාරය වී ඇත්තේ සත්‍ය සොයා යාම බවත් රජයට හා රජයට සම්බන්ධ සියලු කණ්ඩායම් සත්‍ය වසන් කර, එහි සුළු මුල මහමොලකරුවන් හා ඊට සම්බන්ධ ප්‍රධානීන් ආදිය සම්බන්ධයෙන් සත්‍ය මඟහරිමින් සිටින අවස්ථාවක රටේ තාරුණ්‍යයේ හා පුරවැසියන්ගේ වගකීම වන්නේ මෙහි සැබෑ සත්‍ය හෙළි කර ගැනීම බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ මේ මොහොතේ අප අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරය

Read More

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

Read More

පියාගෙන් මෙන්ම තම වැඩිමහල් සොහොයුරාගෙන් පහරකෑමට ලක්වූ අවුරුදු 25ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පෙරේදා (13දා) රාත්‍රී කොළඹ දී සිදුකෙරිණි.

Read More

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව ප්‍රදානය කරන ලද රාජ්‍ය සමාව යටතේ 2023.9.12 දිනට යෙදී තිබුණු සිරකරු දිනය නිමිත්තෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත සිරකරුවන් 933 දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ පලායාමේ සැලසුම අසාර්ථක වීමත් සමඟම නින්දෙන් අවදි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කඩිමුඩියේ එම සිසිටිවි කැමරා පද්ධති අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ගනේමුල්ල සංජීව නමැත්තා තලෙයි මන්නාරම හරහා ඉන්දියාවට පලා යාමේදී නේපාල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශාල මුදලක් ලබාදී නිදහස් වී තිබූ බවත් නේපාල ආරක්ෂක අංශ වෙත ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේ දී ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය කියයි.

Read More

2023 ‌පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව 2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර තිව්‍ර මන්දපෝෂණය සහ අධි බර සහ ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කෙරේ.

Read More

තරගයට වර්ෂාවෙන් බධා ඇතිවූ අතර පාකිස්තානය නියමිත පන්දුවාර 42දී කඩුලු 7ට ලකුණු 252ක් රැස්කළේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.

Read More

බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි

Read More

කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති අවන්හල් 2027 වර්ෂයේ මාර්තු මාසය වන විට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පැවසීය. කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමුකළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙම

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (14) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයෙ රජයෙ ඉඩම් සදහා ගෙවිය යුතු බදු මුදල් නිසි ලෙස නොගෙවිම සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතා සිදුකල ප්‍රකාශයක් සමග පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් එය සමථයකට පත් කිරීමට වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන කටයුතු කිරීම සිදුවිනි.

Read More

මහනුවර කටුගස්තොට පාරේ බිංගය අසල සුප්‍රසිද්ධ වාහන අලෙවි මධ්‍යස්ථානයක් ඉදිරිපිට තුන් මහල් ගොඩනැගිල්ලක පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 05 කට අධික මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර විශේෂ අපරාධ විමර්ශනඅංශය මහජන සහය පතයි .

Read More

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය. එහිදී බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණය නිසියාකාරව සිදු නොවීම, සේවකයන් ස්ථිර කිරීමට අදාළව නිසියාකාරව වාර්තාවක් නොමැතිවීම, කොළඹ දිස්ත්‍රික්කයේ වරිපනම් නිසියාකාරව අය නොකිරීම, ඇතැම් ගම්වලට ආදාහනාගාර නොමැතිවීම ආදී ගැටලු මෙහිදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

Read More

සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට, වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරියට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදෙස් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් සැලකිය යුතු පිරිසක් රට හැර යාම හේතුවෙන් එහි ගුවන් මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් ඇතිව තිබේ. ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට නියමිතය.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Read More

සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන්න ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිඛිත දැනුවත් කිරීමක්.

Read More

නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.