saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 2724 hours ago

LATEST

ටී.ඒන.ඒ. නව නායකයා මහවිරුවන් සමරා වැඩ අරඹයි

calendar_today 2024 ජන 22 - 16:41 remove_red_eye - 739  

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා ඊයේ (21) දින සවස කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත විය.

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති්.

Read More

රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

Read More

මෙලෙස මියගොස් ඇති අයගෙන් කුමාර විධානෙලාගේ හසිත වන්සුක,ඉලුක්කුට්ටිගේ සමීර මධුෂංක සහ භාතිය දුරයලාගේ බුද්ධික රාජපක්ෂ යන තිදෙනා 2018 වර්ශයේ තංගල්ල කුඩාවැල්ලේ මිණීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු බවත්, මෙය එයට පලිගැනීමක් බවත් බෙලිඅත්ත පොලීසිය සැක පල කරයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබන බව බෙලිඅත්ත පොලීසිය කියයි.

Read More

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ ’’ සුද්දා ’’ නැමැත්තා බව පවසමින් මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් දී කප්පම් ඉල්ලූ බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි .

Read More

ගෙවල් බිඳ තමන්ගේ දේපළ සොරාගෙන යන්නේ බොහෝ විට තමන්ගේම වරදින් බවත් බොහෝ දෙනා තමන්ගේ දේපළ සොරකම් කරගෙන යාමට නොදැනුවත්වම පහසුකම් සලසන බවත් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

Read More

අද පෙරවරුවේදී බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනා අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාද සිටින බව වාර්තා වෙයි.

Read More

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට කැබ් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් මියගොස් ඇතැයි වර්තා වෙයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වෙයි.

Read More

නැහෙනහිර හා ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආරක්ෂිත කැමරාවලින් හඳුනාගන්නා නීති උල්ලංඝනය කරන රියදුරන්ට අදාළ දඩ කොළය වාහන හිමිකරුවන්ට ලබා දීමට ගෙන තිබෙන තීරණයට දැඩි ලෙස විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩ කොළ යැවීමේ නියමු ව්‍යාපෘතිය අද (22දා) ආරම්භ වේ.

Read More

ගෙවීගිය 2022 වර්ෂයේ මැයි මාසයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළදී මධ්‍ය පරිමාණ, කුඩා සහ ඉතා කුඩා කර්මාන්ත 77,118ක් පමණ වැසී ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජනවාරි 19දා ඉදිරිපත් කර ඇති දත්ත අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සමගපැවසීය.

Read More

“දින පහක් ඇතුළත සියයට හතළිහක් පනහක් හතර මිලකට එකවරම එළවළු මිල අඩු වුණේ පැහැලියගොඩ මාළු වෙළඳසැලේ මාළු මිල අඩු වුන නිසා පාරිභෝගිකයන් මාළු කන්න හුරුවීම හා එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක එළවළු නාස්තිවීම අවම කරන්න කටයුතු කිරීමක් වශයෙන් එළවළු මිල අඩුවුණා”

Read More

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේදි පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

Read More

දුම්රිය හරස් මාර්ග සඳහා ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක වගකීම් කාලය නිමවීමටත් පෙර ක්‍රියා විරහිතව ඇති අතර, මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මගින් 2024/01/09 දින නිර්දේශ කොට ඇත.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යළි අත්අඩංගුවට ගෙන අද (21) නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට තර්ජනය කොට පහරදිමට තැත්කිරිමේ සිද්ධිය හා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවිකාවකට හා සේවකයෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්දයෙන් මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් ආරම්භකොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා සදහන් කරයි.

Read More

යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බවත් ඉන් කෝටි 50ක් මේන වන විටත් ගෙවා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා ලෙස අද (21) පැවැති මධ්‍යම කාරක සභා ඡන්ද විසිමේදි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා වැඩි ඡන්ද 47 කින් ජයග්‍රහණය කලේය.

Read More

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසට අයුතු ලෙස ඇතුළු වී, බීමත්ව ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, සැකකාර එම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මැණික් ගල් 15 ක් ලබාගෙන ඒ සඳහා ලබාදිය යුතු රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂ පනස්දාසක (2,87,50000/=)ක් මුදලක් වෙනුවෙන් මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දුන් කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

වැටී තිබූ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට. උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.

Read More

විවිධ සමාගම් හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වගාකරනු ලැබු ටොම් ඇන්ඩ් ඊ ජේ සි අඹ වි‍ශේෂයේ අධික අස්වැන්නක් ලැබීම් හේතුවෙන් කිලෝවක් රුපියල් සීයයක් වැනි මිලකට මේ දින වල අලවි වන බැවි වගාකරුවෝ කියා සිටිති.

Read More

වර්තමාන ජීවන වියදම දරාගත නොහැකි බව පිළිගන්නවා... යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගිහිල්ලා... ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ඉදිරියේදී රට සාමාන්‍ය තත්ත්වයට පත්වේවි... විපක්ෂයේ හා කුමන්ත්‍රණකරුවන්ගේ බේගල්වලට අහුවෙන්න එපා... ඊළඟට ජනාධිපතිවෙන්නෙත් පොහොට්ටුවේ සහය තියෙන කෙනෙක්... පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු මිනිස්සු අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා...

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොලොන්නාවේ චන්දන නොහොත් ධනුෂ්ක නමැත්තන්ගේ මුදල් පරිපාලකවරිය ලෙස කටයුතු කළ ’’බබා ’’නැමැත්තිය සහ මත්ද්‍රව්‍ය බෙදා හරින්නියක් වන ’’ එන්ජල්’’ නමැත්තිය රාජගිරියේ දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

Read More

මේ වන විට මෙරට වැසී ඇති ගොවිපොළවල් සංඛ්‍යාව 14000 ඉක්මවන බව කෝපා කමිටුවේදී අනාවරණය වෙයි. මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා - අමාත්‍ය මහින්ද අමරවීර මහතා දෙපාර්තමේන්තුව සතු දත්ත පද්ධතිය යාවත්කාලීනව පවත්වාගෙන යාමේ වැදගත් කම කමිටුව අවධාරණය කරයි. කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය. කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අවධානය අභිජනනය සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය ක

Read More

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විශ්ව බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

මාලිම්බොඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකතන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඒම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. කී යැයි පවසා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කර තිබියදී පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදා වී තිබියදී රටේ ජනාධිපතිවරයා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000ක් උපයෝගී කර ගෙන විදේශ සංචාර යන බවත් බංකොලොත් රටේ මහජනතාව හාමතේ සිටින විට ජනාධිපති ප්‍රමුඛ රජය සුරසැප විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.