මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවෙකු මාස 03 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත් වසර 04 ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පැවසීය.
Read Moreඅනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව වන ජීවී අංශ පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ මැලේසියානු ජාතිකයෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්, පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබේ
Read Moreමීට වසර කිහිපයකට ඉහතදී මියන්මාර් රජයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පරිත්‍යාගය කරන ලද මියන් කුමාර් ඇත් රාජයා ලවා විහාරස්ථානය ආසන්නයේ මඩෙහි එරුණු ලොරියක් අද (20) දහවල් ගොඩට ගැනීමට ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් වැරෙන් පහර දෙමින් දැඩි උත්සාහයක යෙදෙන අයුරු දුටු එහි සිටි බොහෝ පිරිසක් තම අප්‍රසාදය පළ කළහ.
Read Moreඑක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවත් දසුන් ශානක තවදුරටත් නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වත්මන් නායක දසුන් ශානක වෙතම පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.
Read Moreමේ හැම ආයතනයකම බෝඩ් එකටම මුදල් අමාත්‍යාංශ නියෝජිතයෙක් ඉන්නවා. ඒ අය හරියට වැඩ කලානම් මේවා වහන්න වෙන්නේ නෑ. අමාත්‍යාංශ ලේකම්, විෂය භාර ඇමතිවරු ගෙන් රාජ්‍ය ඇමතිවරු ආයතන ප්‍රධානීන් දැනුවත් නොකර මෙලෙස තීන්දු ගැනීම වැරදියි. අපි පියන්ලා නෙමෙයි. අපිව දැනුවත් නොකර මේ වගේ තීන්දු ගන්නේනම් ඒවායේ වගකීමත් නිලධාරීන්ම ගන්න.
Read Moreඅනුරාධපුර පොලිස් වසමේ පොතානේගම ප ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කල බස් රථයක මඟ හරස්කර නතර කරවා, එහි ගමන් කල 21 හැවිරිදි තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්, රුපියල් 10000ක මුදලක් කොල්ලකෑ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඅත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම නව මිල ගණන් අද (20දා) සිටම ක්‍රියාත්මක බවත් එම ආයතනය නිවේදනය කරයි.
Read Moreරජය දුම්කොළ සහ මධ්‍යසාර මිල ගණන් වැඩි කිරීමෙන් ඒවා පාලනය කිරීමට උත්සාහ ගත්තත් තම දේශපාලන හිතමිතුරන්ට අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දීම නිසා දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සම්බන්ධයෙන් රජය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත් සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreහිටපු ආණ්ඩුකාර ආචර්ය එම් එල් එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මෙන්ම සමාජය තුළ දැඩි කථාබහකට ලක්වූ මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හැදින්වූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රටේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් සහ කොරෝනා වැනි හේතූන් මත රජයට පවරා ගන්නා ලදී.
Read Moreළමා අපයෝජන සිද්ධි දෙකක් සම්බන්ධ නඩු දෙකක් පවතින සැකකරුවෙකු (52 ) මහාධිකරණයේ පෙනීසිටීමට බියෙන් වස පානය කර මිය ගොස් ඇති බව 19 දා පස්වරුවේ නිකවැරටිය රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය කෙරිණි.
Read Moreබොරැල්ල සහ ගලපිටමඩ සිදු වූ ඝාතන සිද්ධීන් දෙකක සැකකරුවන් තිදෙනකුට නවාතැන් පහසුකම් දී රැකවරණය දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතා හිතකරත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි ෆේස්බුක් එසේත් නොමැතිනම් මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.
Read Moreපසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.
Read Moreදකුණු කොරියාවේ පැවති 45 වන ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කම් දිනා ගත් රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreලෝක අවිවාහක රූ රැජින - 2023 ( Miss Queen of the World ) ලෙස කිරුළ පැලදි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreඉකුත් 2022 වසරේ ජූලි මස 19 දින එවකට අග්‍රාමාත්‍යවරයා ව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පුද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුව එහි දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා විශ්‍රාමික සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායක් මගින් කළුතර දකුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව හෙළි කළ කරුණුවලට අදාළව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලා සිටින බවත්, ඊට අදාළ ලියුම භාරදීමට සිටි නමුත් එය භාරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා තම නිවසට පැමිණෙන බව දන්වා සිටි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (19දා) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
Read Moreරාජපක්ෂවරුන් වර්තමානයේදී බලයේ නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅධිවේගී මාර්ගයේ මත්තල ගුවන්තොටුපල මාර්ගයේ අන්දර වැව කැලෑවේ සිට අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වන අලි හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බව වාහන රියදුරන් පවසති.
Read Moreසෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් සේවයට ගොස් සිටියදී අසනීප තත්වයෙන් පසුවූ කාන්තාවක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර මාස 2ක් තුළ දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.
Read Moreපූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු තම දරු දෙදෙනාගේ ආහාරවලට වස දමා ඒවා කෑමට දී ඔහුද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 11 හා 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට මෙසේ වස දී තිබේ.
Read Moreආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් ’තනි කවුළු මෙහෙයුම් පද්ධතිය’ (Single Window System) විධිමත් කිරීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදෙනු ලැබිය.
Read Moreහතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කරමින් සිටි හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .
Read Moreරත්ගම , කිරිමැටිය ආදාහනාගාරය අසල පිහිටි කටුදම්පේ ඇලේ පාවෙමින් අත් පා ගැට ගසා තිබූ තරුණයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.
Read Moreනුරාධපුර නගරයට ආසන්න පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යානු කූල භාරකාරත්වයෙන් අපහරණයට ලක් කල වයස අවුරුදු 20 ක තරුණයකු ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
Read More