අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම, ඊරියගමදී සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. අද පෙරවරුවේ මෙම මාරක අනතුර සිදුව තිබේ.
එළඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත අයි.එම්.එෆ්.හි පළමු සමාලෝචනයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreවසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවූ දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්යක්ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (03දා) සවස පැවසීය.
Read Moreඑකම පවුලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙකු සියදිවි නසා ගැනීමට හේතුව විෂාධිය බවත්,ස මාජය තුළ සියලු පුරවැසියන්, සමාජ වගකීමකින් කටයුතු කර මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව තලාව ප්රාැදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක වෛද්යු එම්.පී.එස් ජයවික්රිම මහතා පැවසීය.
Read Moreඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව වැළැක්වීමට අවශ්‍ය පිරිවැය මිහින්තලා පුදබිමේ නායක හිමිපාණන්ගේ උපදෙස් මත සමගි ජන බලවේගය සහ සමගි බෞද්ධ උපදේශක කමිටුව එක්ව පියවීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ 03 වැනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී ඇත.
Read Moreගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මීට වසර 20කට පෙර ඔහුගේ නිවස තුළම ඝාතනය කර, ඔහු පැලඳ සිටි රන් අභාරණ සොරා ගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට වසර 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් නියම කළේය.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
Read Moreඒකීය රටක් තුළ බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා අවධාරණය කර සිටින්නේ පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවයි.
Read Moreලෝක වෙළඳපොළ තුළ ගෑස් මෙට්‍රික ටොන් 1ක මිල ඩොලර් 85කින් පමණ ඉහළ ගොස් ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති පවසයි.
Read Moreකොළඹ - 07 පදිංචි ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතාගේ මළසිරුර මාස 08 කට පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreපවතින දැඩි වියළි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැති බව පවසා ඊයේ (02) දින කිරි ගොවීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
Read Moreනිකවැරටිය පොලිස් වසමක අතුරුදන්ව සිටි 15 වියැති පාසැල් දැරිය කුරුණෑගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදි 02 දා රාත්‍රියේ පොලිස් භාරයට ගත් බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
Read Moreකාත්තාන්කුඩිහි පල්ලි කිහිපයක් ඉලක්ක කරමින් කොටි ත්රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව සිහිකරමින් අද දිනයේදී කාන්තන්කුඩිහි පූර්ණ හර්තාලයක් පැවැත්වීය.
Read Moreකළාවැවට අවශ්‍යය ජලය කොත්මලේ ජලාශයෙන් නිසි පරිදී ලබා නොදීමෙන් මහවැලි එච් කළාපයේ වගා බිම් අක්කර 25000 ක් විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී තමන් විසින් ජාතික ගීය ගායනා කළ ආකාරය අනුව කිසිවෙකුගේ හෝ සිත් රිදවිමක් සිදුව ඇත්නම් තමන් සමාව අයද සිටින බව උමාරා සිංහවංශ මහත්මිය සඳහන් කරයි.
Read Moreමෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
Read Moreඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටවල් වල ආහාර සඳහා භාවිත කිරීම තහනම් කොට තිබූ නමුත් මේ දක්වා ලංකාව තුළ භාවිතා කිරීමට අවසර තිබෙන පැණි රසකාරකයක් වන ඊ 951 දරන ඇස්පාටේම් නැමැති පැණි රසකාරකය මේ වන විට ස්ථිරව පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කොට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික රෝෂන් කුමාර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තහනම්ව තිබූ මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය එකගත්වය පළ කර තිබේ.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රා දේශීය කාර්යාලයට පැමිණ විදෙස් ගමන් බලපත් ලබා ගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. මෙම තීරණය අද දිනයේ සිටම ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreමෙම වසරේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම්. රබර් ආශ්රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක හා පොල් ආශ්රිත අපනයනයෙන් ඩොලර් මිලියන 700ක ආදායමක් මේ වසරේ අපේක්ෂිතයි. කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක්. ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට අවධානය – අමාත්‍ය රමේෂ් පතිරණ මහතා.
Read Moreජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreනමුත් වියළි කාලගුණයත් සමඟ විදුලිය ලබා දෙන විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) සහිත නෞකා මඟින් විදුලිය ලබා ගැනීමේ කටයුත්ත කඩිනම් කළහොත්, විදුලි අර්බුදයත් විසඳා ගන්නා අතරේ ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයත් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා .
Read Moreඖෂධ ගැටලුව පිළිබඳ හෙළි කළ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට මෙම ඖෂධ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් ජීවිත තර්ජන එල්ල කර තිබෙන බවත්, ඒ අනුව එම තර්ජන සිදු කරන පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreසීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට හිඟ ණය සහ පොලී මුදල් වශයෙන් රුපියල් විසි අට කෝටි හැත්තෑ හත් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැට තුනක මුදලක් ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් කරන ලද විමසීමක දී ජූලි මස තිස් වැනි දින විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
Read Moreඑප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් සිදුකරන තේවා කටයුතු අස්ගිරි පාර්ශවයෙන් මල්අතු පාර්ශවයට පැවරීම අද (02) සවස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවිය .
Read Moreවිල්පත්තුව ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි ප්‍රදේශයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (02දා)නිකුත් කළේ
Read Moreතලවිල දේවස්ථාන භුමියෙ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටියදී පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් පස් දෙනා දින තුනක් (පැය 72 ) රදවා ප්‍රශ්න කිරීමට පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා පොලිසියට 2 දින නියෝග කෙරුණි.
Read Moreග්‍රේට්වෙස්ටන් වතුයායේ ඉහළ කොටසේ මිය ගොස් සිටි නාදුනන කාන්තාවගේ මල සිරුර කදු මුදුනෙන් පහලට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්දව සිටි යුධ හමුදා සෙබලකු හදිසියේ මිය ගොස් ඇත.
Read More