සෞඛ්‍ය සේවකයන්ට රුපියල් තිස්පන්දහසක දීමනාවක් ලබා ගැනීමට අදාළව බලධාරීන් සමග ඊයේ(12දා) පැවැති සාකච්ඡා අසර්ථක වීම නිසා අද(13) උදෑසන 6.30 සිට හෙද පරිපූරක අතුරු වෙද්‍ය සේවා හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියා මාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන සඳහන් කරයි.
2023 වසරේ බදු පැනවිම තුළින් ලබාගත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3201ක් වන බවත් සහනාධාර, වැටුප් බිල් සහ රාජ්‍ය ණය බිල්පත් සඳහා භාණ්ඩාගාරයෙන් වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4394ක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය වියදම්වලින් අඩු කරන්නේ කුමන කොටසද යන්න විකල්ප මත දරන කණ්ඩායම් ජනතාවට ප්‍රකාශ කළ යුතු බවද සඳහන් කළේය.
Read Moreරටේ ජනාධිපතිවරයා , අගමැතිවරයා හා ව්‍යවස්ථාදායකය මෙම මෙහෙයුම නවත්වන ලෙසට උපදෙස් ලබා දෙන්නේ නම් පමණක් මෙම මෙහෙයුම නවත්වන බවත්, එසේ නොමැතිව මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන්ම තුරන් කරන තෙක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
Read Moreඅද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ’’එට්කා’’ කියන විට ’’ඉක්කා ගහන’’ තත්ත්වයට පත්ව ඇති බවත් මිල්කෝ සමාගම, ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු නොකිරීම පමණක් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ටෙන්ඩර් කර හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම නිවැරදි දැයි ප්‍රශ්න කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම් මෙය ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක්. මෙරට ව්‍යාපාරිකයන් ලක්ෂ 04කට මෙමඟින් ප්‍රතිලාභ. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා- ජනපති. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ වැදගත් පියවරක්- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි.
Read Moreසම්භාහනයක් සිදු කරන අතරතුර ලිංගික අපයෝජනයක් කළ බව කියන ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන 39 හැවිරිදි කාන්තාවකගේ පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයා ඊයේ (11දා) පස්වරුවේ පොලීසියට බාර වී තිබේ.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (12) දින කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreමීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12දා) දින අලුයම සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
Read Moreනැහෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබන්ධනාගාරගත රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (12) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
Read Moreග්‍රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාජකාරී කටයුත්තක් සඳහා යන බවට පවසා පමුණුගම ප්‍රදේශයට ගොස් පමුණුගම තල්දියවත්ත ප්‍රදේශයේ දිය නාමින් සිටි සිටියදි කොස්තාපල්වරයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.
Read Moreදිවයින පුරා විසිරී සිටින කුළුබඩු එක් රැස් කරන්නන් සහ කුළුබඩු සැකසුම් කරුවන් ලියා පදිංචි කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නාගසේන ආගරවත්ත ප්‍රදේශයේ අග්‍රෝවා ඔයේ නාදුනන කාන්තා මල සිරුරක් පවතින බවට ලද තොරතුරක් මත පරික්ෂන ආරම්භ කල බවත්ය.
Read Moreරජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
Read Moreමල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුබද්ධව සේවය කරමින් සිටියදී රාත්‍රී වාහන පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ සැකකරුවෙකු සමග පොර බැදීමේදී මුහුණට වෙඩි වැදීමෙන් දරුණු ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටි සැරයන් ශ්‍රියන්ත රත්නවීර මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreදැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
Read Moreඉදිරි උත්සව සමයේ හිඟයකින් තොරව වෙළඳපලට බිත්තර සපයන බවට සමස්ථ ලංකා කුකුළු මස් හා බිත්තර නිශ්පාදකයනගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි.
Read More2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට දැන් හැකියාව තිබේ.
Read Moreසිය යතුරු පැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාලු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල කසිප්පු විකුණූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග 02/12 දින උදෑසන කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreවයස අවුරුදු 15ක බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට, යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.
Read Moreයාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.
Read Moreඅද අළුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩිතැබීමක් සිදුව ඇති බවට වර්ථා වනවා. මීගොඩ පොලීසිය සහ ආරථික මධ්‍යස්ථාන පොලිස් මුරපොල පවසන ආකාරයට අදාල ආර්ථික මධ්‍යස්ථානයේ අල ලූණු වෙලඳ සැලක් තුල මෙය සිදූවී තිබෙනවා.
Read Moreයාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම සියයට හැට පහක් හැත්තෑවක් පමණ්ම අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති’
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 02/12 දින අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreරාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read Moreමොකද පසුගිය කාලෙම අපිට සතියකට මිනිත්තු හතරක් පහයි පමණයි දෙන්නේ.මිනිස්සු අපෙන් අහනවා ඇයි දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත්තේ කියලා. පැය ගණන් බදාගෙන පාර්ලිමේන්තුවේ වන් මෑන් ෂෝ එකක් තමයි දැන් යන්නේ .ඒක කොච්චර කවුරු කිව්වත් පාර්ලිමේන්තුවේ යතාර්ථය ඒකයි.ඒ ගැන ප්‍රධාන දෝෂාරෝපණය විඳින්න ඕනේ කථානායකතුමා.මුළු පාර්ලිමේන්තුවම කාල කළමනාකරණයක් නැහැ කිරිඇල්ල මහත්තයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට ,වාඩිව
Read Moreසංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ඒක්දින තරගයද ලකුණු 155කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreපාසැල් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය.
Read Moreමහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථනයෙන් අමතා සංයුක්ත දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් බැන වැදුණු කියන පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreනිවසට ඇතුළු වූ කොල්ල කල්ලියේ සාමාජිකයන් අත අවි ආයුධ තිබී ඇති අතර නිවසේ කුස්සියේ තිබූ පිහි ආදිය අතුරුදන්ව ඇති බවද හෙළි වී යැයි පොලීසිය සඳහන් කරයි .තරුණයාගේ ප්‍රහාරයට ලක් වූ කොල්ල කල්ලි සාමාජිකයා බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුළම මරණයට පත්ව ඇත
Read More