බන්ධනාගාර නියාමකගේ හිස් වැසුමෙන් අයිස් හමුවෙයි
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 28ක් හමුව තිබේ.
දුම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරකට අනුව, බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කලක සිට අවධානයෙන් සිට තිබේ. ඒ අනුව ඊයේ (19දා) අදාළ නියාමකවරයා පරීක්ෂා කිරීමේදී, ඔහුගේ හිස් වැසුමේ ඇතුල් පැත්තේ කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට සියුම් කැපුමක් යොදා, ඒ තුළට මෙම අයිස් මත්ද්‍රව්‍ය ඇතුල් කොට තිබියදී බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙම නියාමකවරයා මත්ද්‍රව්‍ය සපයා ඇති බවට බන්ධනාගාර නිලධාරීහු සැක පළකරති.
සැකපිට අත්අඩංගුවට ගත් නියාමකවරයා, පල්ලෙකැලේ පොලීසියට භාර දී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විනය අංශය විසින්ද විමර්ශනයක් සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
