ෆියට් ක්‍රයිස්ලර් සහ ප්‍රංශයේ පී.එස්.ඒ. නමැති ලොව සිව්වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම අතර ඒකාබද්ධවීමක් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම ඒකාබද්ධවීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා පැවැත්වෙන බව දෙපාර්ශ්වයම සඳහන් කළ අතර, පණහට පණහ සිදුවන මෙම ඒකාබද්ධවීම තුළින් දෙපාර්ශ්වයේ වියදම් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවනු ඇත.
වොක්ස්හෝල් හි මහා බ්‍රිතාන්‍යයේ සේවකයන් 3,000ක් පමණ සේවය කරන අතර, මෙම ඒකාබද්ධවීමත් සමග ඔවුන්ගේ රැකියා අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ.
ෆියට් ක්‍රයිස්ලර් ඉතාලි සහ ඇමෙරිකානු සමාගම ජීප්. අල්ෆා රෝමියෝ, මසරාටි ආදී නිෂ්පාදනයේ යෙදෙන සමාගමක් වන අතර, පී.එස්.ඒ. ප්‍රශයේ පෝජෝ සහ සිට්‍රොන් ආදියේ හිමිකාරීත්වය දරන ප්රමුඛ සමාගමකි.