බ්‍රිතාන්‍යයේ මගී ප්‍රවාහනයේ යෙදෙන ප්‍රකට නෞකාවක් වන 'හාමනි ඔෆ් ද සීස්' නෞකාවේ ගමන්කළ පිරිස් වෙත විනෝදාස්වාදය සැපයූ 20 හැවිරිදි තරුණයෙකු හදිසියේම අතුරුදන්ව තිබේ.
මෙම අතුරුදන්වීම සිදුවන අවස්ථාවේදී නෞකාව පෝර්ටෝ රිකෝ සිට සැතපුම් 267ක් පමණ සාගරයේ පැවතී ඇත.
ඇරන් හෆ් නමැති මෙම තරුණයා සේවයේ යොදවා තිබූ රසල් ස්මිත් ඇසෝසියේට්ස් ආයතනය පවසා තිබුණේ මෙම පුවතින් ඔවුන් විමතියට පත්ව ඇති බවයි.
ඔහු වෙනුවෙන් සහ ඔහුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් යාඥා කරන බවද ඔවුන් පවසා ඇත.
කෙසේ වෙතත්, නෞකාවේ සියලු කාර්ය මණ්ඩලය එක්ව මෙම තරුණයා පිළිබඳ පුළුල් සොයා බැලීමක් සිදුකර ඇති අතර, සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී අලුයම 4ට පමණ ඔහු 5 වැනි මහලේ සිට ඇති බව පමණක් සොයාගෙන තිබේ.