ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර ඇතුළු තදාසන්න නගර කිහිපයක් හිටි හැටියේ විදුලි විසන්ධි වීමකට ලක්ව, මිලියන ගණනක් ජනතාවක් ඊට මුහුණදුන් බව විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද (04දා) දහවල් කාලයේදී මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති අතර, විදුලිය යළි ලබාදීම සඳහා පැය කිහිපයක් ගත වී ඇති බව සඳහන් වෙයි.
විශේෂයෙන්ම ජකාර්තාවේ ඇතැම් ප්‍රදේශවල මාර්ග විදුලි සංඥා පුවරු ක්‍රියාවිරහිත වීමෙන් දැඩි රථවාහන තබදයක්ද ඇතිව තිබේ.
එමෙන්ම, නව විදුලි දුම්රිය පද්ධතියටද මෙය බලපා ඇති නිසා, එම දුම්රිය මගීන්ට දැඩි අපහසුතාවකට ලක්වීමට සිදුව ඇත.
එරට රජයේ ප්‍රධාන විදුලි සැපයුම් සමාගම කියා තිබුණේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථානයක සිදුවූ දෝෂයක් මෙම විදුලිය බිඳ වැටීමට හේතු වූ බවයි.