හොංකොං හි වරදකරුවන් ලෙස චෝදනා ලැබූවන්ට දඬුවම් කිරීම සඳහා චීනය වෙත පිටුවහල් කිරීමේ නීතිය හකුලා ගන්නා ලෙස පැවති විරෝධතාවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පසුගියදා හොංකොං හිදී පැවැත්විණි.
විශේෂයෙන්ම, හොංකොං රජය විසින් ගෙනඑන ලද මෙම නව නීති පනත් කොටුම්පත හකුලා ගන්නා ලෙස පැවති දරුණු උද්ඝෝෂණය විසුරුවා හැරීමට රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමට මෙන්ම, කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට පොලීසිය සිදුවිය.
මෙම අවස්ථාවේදී පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වීමත් සමග පොලීසිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලා සිටියත්, කොංකොං නීති ලේකම් තෙරේසා චෙන්ග් එම ඉල්ලීම ප්රතික්ෂේප කළාය.
මෙවර පැවති උද්ඝෝෂණයේදී ඊට සහභාගී වූ වැඩි පිරිසක් සුදු සහ නිල් වර්ණයෙන් යුතු ඇඳුම්වලින් සැරසී පොලීසියට සිය සහාය දැක්වීමටද කටයුතු කළ අතර, ඔවුන් සෑම අයෙකු අතම චීන ධජයක් රැඳී තිබෙන ආකාරයද දැකිය හැකි විය.