21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික විශ්වවිද්‍යාල සිසුවියක දූෂණය කර මරා දැමීමේ චෝදනාවට 25 හැවිරිදි පෝලන්ත ජාතික විවාහකයෙකු වැරදිකරු බවට පත්ව තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී මෙම තරුණිය අතුරුදන්ව තිබුණු අතර, ඇය සොයා දැවැන්ත මෙහෙයුමක් සිදුකළත් මසකට පමණ පසුව ඇගේ දේහය මෝය කටක තිබී සොයාගනු ලැබිණි.
ඒ අනුව, ලිබී ස්ක්වයර්ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තැනැත්තා මස් මඩුවක සේවය කළ පවෙල් රෙලොවික්ස් නමැති ඇයෙකු බව සඳහන් වෙයි.
සිය මිතුරු මිතුරියන් සමග රාත්‍රී සාදයකට ගොස් සිටියදී පසුගිය පෙබරවාරි 01 වැනිදා මෙම තරුණිය අතුරුදන්ව තිබුණි.
ඇයගේ සිරුරු යළි හමුවී තිබුණේ මාර්තු මස 20 වැනිදාය.