ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත්කර ගන්නා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියත්, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කිරීමේ අරමුණක තවදුරටත් ජනපතිවරයා සිටින බව ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු පවසයි.
සෙනට් සභික ලින්ඩ්සේ ග්රැහැම් පවසන්නේ හමුදා ඉවත්කර ගැනීම මේ වනවිට මන්දගාමී වී ඇති බවත්, තමන් ජනපතිවරයා සමග කළ සාකච්ඡාවකදී ඔහු ත්‍රස්තවාදය පරාජය කරන බවට සපථ කළ බවද හෙතෙම අවධාරණය කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදා ඉවත්කර ගැනීමේ අදහස මුලින්ම ඉදිරිපත් කරන විට එය ත්රස්තවාදයට එරෙහිව ඇමෙරිකාව සමග එක්ව කටයුතු කරන සෙසු රටවල දැඩි දෝෂදර්ශනයට ලක්විය.
කෙසේ වෙතත්, ග්රැහැම් සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.