උතුරුදිග සිරියාවේ කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ඉඩ්ලිඩ් ප්‍රදේශය වෙත ඇතුළු වීමට ගිය තුර්කි රථ පෙළකට සිරියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි ආරක්ෂක අංශ තහවුරු කරයි.
ඉඩ්ලිබ් යනු සිරියානු රජයේ පාලනයෙන් ගිලිහී කැරලිකරුවන් විසින් පාලනය කරන ප්රදේශයකි. තුර්කියේ උපකාරය සමග මෙම ප්‍රදේශය යළි අත්පත් කරගැනීමට සිරියාවට නොහැකි විය.
කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම ප්‍රදේශය යළි අත්පත් කරගැනීම සඳහා සිරියාව සිය ප්‍රහාරක ශක්තිය වරින් වර යොදමින් සිටියි.
මෙම ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් සිය ගණනක් දැනටමත් දිවියෙන් සමුගෙන ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.