රට වැටී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ආර්ජන්ටිනා ජනතාව මැතිවරණයකට මුහුණදීමට සූදානම් වෙයි.
දිනෙන් දින ඉහළ යන බඩු මිල, ජනතාවට පෝලිම්වල රස්තියාදු වීමට සිදුවූ ආර්ථික ප්රතිපත්ති නිසා පීඩාවට පත්ව සිටින ජනතාව මෙවර සිය ජන බලය පෙන්වීමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එරට බොහෝ වැසියන් පවසන්නේ කුලී වැඩක් හෝ සොයාගැනීමට නොහැකි තරමට ආර්ථිකය අගාධයකට තල්ලු කිරීමට වත්මන් පාලකයන් කටයුතු කළ බවයි.
වත්මන් නායක මවුරිස්යෝ මාර්සි ධනවතුන්ට පමණක් ජීවත්විය හැකි රටක් බිහිකළ බව පවසන වැසියන්, මෙවර ඔවුන්ගේ ඡන්දය විරුද්ධ පක්ෂයේ ප්රධාන අපේක්ෂක ඇල්බේටෝ ෆර්නැන්ඩේස් වෙත ලබාදීමට සැදී පැහැදී සිටින බව විදෙස් වාර්තා පවසයි. ඔහු එරට ජනපතිධුරය හෙබවූ ජනප්රිය ජනපතිනී ක්රිස්ටියානා ෆර්නෑන්ඩේස්ගේ සහාය ලබන අපේක්ෂකයාය.