සෞදි අරාබියෙන් පළායන තරුණියක තමන් බැංකොක් ගුවන් තොටුපොළෙහි සිරවී සිටින බවත්, තමාගේ ගුවන් ගමන් බලපත්‍රය සෞදි බලධාරීන් විසින් පැහැගත් බවත් පවසා තිබේ.
රහාෆ් මොහොම්මද් අල්-කුනාන් ලෙස හඳුනාගෙන ඇති මෙම තරුණිය සිය පවුලේ පිරිස් සමග කුවේට් බලා යමින් සිටියදී ඇය ඔවුන්ගෙන් මිදී මෙසේ බැංකොක් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
බැංකොක් නුවර සිට තවත් යානයකින් ඔස්ට්‍රේලියාව බලා යෑමේ බලාපොරොත්තුවෙන් ඇය තායිලන්තයට පැමිණ ඇති බව කියයි.
තමන් ඉස්ලාමය අත්හරින බවත්, මේ හේතුවෙන් තවදුරටත් සෞදි අරාබිය වෙත යෑමට බියක් දක්වන බවත් සඳහන් කර ඇති ඇය සඳහන් කරන්නේ, එසේ යළිත් සෞදියට ගියහොත් තමාගේ පවුලේ ඥාතීන් විසින්ම තමන්ව මරා දමනු ඇති බවයි.
කෙසේ වෙතත්, ඇය තමාගේ ගුවන් ගමන් බලපත්‍රය පැහැරගෙන ඇති බවට සඳහන් කළත්, එවැන්නක් වාර්තා නොවන බව තායිලන්ත පොලීසිය කියයි.