සුඩානයේ හමුදා පාලනය අවසන් කරන ලෙස පැවති උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එරට ඛර්ටෝම් අගනුවර පැවති උද්ඝෝෂණ සඳහා දහස් ගණනක ජනකායක් සහභාගී වී ඇති අතර, ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ රට තුළ සිවිල් පරිපාලනයකි.
පසුගිය අප්‍රේල් මාසයේදී එරට හමුදාව විසින් ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කළද, තවමත් රට තුළ සිවිල් පරිපාලනයකට අවස්ථාව ලබාදී නොමැත.