ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් හි අද (22දා) දිනයේ සතියකට ආසන්න කාලයක් තුළ දේශීය වශයෙන් හඳුනා ගැනුණු වැඩිම නව ආසාදිතයන් වාර්තා කිරීමත් සමග, බලධාරීන් සිඩ්නි නුවර ගෘහස්ථ මුඛ ආවරණ නීතිය යළිත් බලාත්මක කරයි.
අධික ලෙස බෝවන ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ නවතම පොකුරක් මැඩපැවැත්වීමට බලධාරීන් සටන් වදින අවස්ථාවේ අද දිනයේදී නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයන්ගෙන් 8 දෙනෙකුම හුදකලා වූ පෙර අවස්ථාවල ආශ්‍රිතයන්ය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර ගෘහස්ථව මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 හි සැලකිලිමත් වන ප්‍රභේද හතර අතරට වර්ගීකරණය කර ඇති ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ විනාශකාරී ආසාදන රැල්ලට හේතු විය.