සිඩ්නි නුවර ජනයාගෙන් පිරීගිය වීදියක කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කරමින් වීදියේ කලබලයක් ඇති කළ අයෙකු නගරවාසීන්ගේ මැදිහත්වීමෙන් මෙල්ල කර පොලීසියට භාරදී තිබේ.
මේ අතර, එම පිහි ප්‍රහාරය එල්ල වූ වීදියට යාබද නිවසක තිබී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇත.
මෙම අපරාධ දෙක සම්බන්ධයෙන් සබඳතාවක් පවතින බවට මේ වනවිට සිදුකළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
එමෙන්ම, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා හුදකලා ප්‍රහාරකයෙකු බවත්, මානසික රෝග තත්ත්වයක් සම්බන්ධයෙන්ද ඔහුගේ පසුගිය වාර්තා පවතින බවත් කියයි.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදී අදහස් දරා ඇති මොහු ළඟ තිබී හමුවූ යූ.එස්.බී. උපාංගයක තිබී නවසීලන්ත සහ එක්සත් ජනපදය තුළ සිදුවූ සමූල ඝාතන සම්බන්ධ විස්තරද හමුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.