ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර, ඕපල් ගොඩනැගිල්ලේ බිත්තියක තවත් පැල්මක් මතුවීමත් සමග එම ගොඩනැගිල්ලේ සිටි සිය ගණනක් වූ නිවැසියන්ට වහාම ඉන් ඉවත්වන ලෙස දන්වා තිබේ.
මහල් 38කින් යුතු මෙම ගොඩනැගිල්ලෙන් තරමක විශාල හඬක් සමග පැල්මක ලකුණු මතුවීමත් සමග අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරමින් ජනතාව ඉවත්කිරීම සිදුකර ඇත.
මේ තත්ත්වය තුළ ඉංජිනේරුවන් සහ මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නන් පැය 24 පුරා ගොඩනැගිල්ල ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනු ඇති බව එහි ඉදිකිරීම් සමාගම පවසයි.
කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ කිසිවෙකුට ජීවිත අවදානමක් නොමැති බව පවසන ඉදිකිරීම් සමාගම, ජනතාවට බාධාවක් නොවී ඉතා කඩිනමින් මෙහි ප්රතිසංස්කරණයක් වෙතොත් එය අවසන් කරන බවද ඔවුන් පවසා තිබේ.
මීට පෙරද මෙම ගොඩනැගිල්ලේ පැල්මක් හේතුවෙන් ජනතාව ඉවත් කිරීම සිදුවූ අතර, එවර ඉදිකිරීම් සමාගම පවසා සිටියේ සිඩ්නි ඔලිම්පික් උද්‍යානය ආසන්නයේ නව ගොඩනැගිල්ලක් වෙත එහි පිරිස් මාරුකර යවන බවයි.