ලෝකය පුරා යුද්ධය වපුරමින් කටයුතු කළ ඇමෙරිකා එක්සත් ජනපදය, දැන් අභ්‍යවකාශ යුද්ධයකට සැරසෙන බව අද (30දා) විදෙස් වාර්තාවලින් කියවුණි.
විශේෂයෙන්ම, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අභ්‍යවකාශයේ යුද මෙහෙයුම් සඳහා පෙන්ටගනයේ නවතම ආරක්ෂක විධානයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම අදහස ඉස්මතු විය.
විශේෂයෙන්ම, චීනය සහ රුසියාව විසින් යුද ශක්තිය අතින් මේ වනවිට විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බවට ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානීන් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇති බව කියැවෙයි.
මෙම නව ආරක්ෂක විධානය අභ්‍යවකාශයේ පවතින ඇමෙරිකානු දේපළ හා ඔවුන්ගේ අවකාශයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනු ඇති අතර, විශේෂයෙන්ම සන්නිවේදන සහ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදවා ඇති සිය ගණනක් වූ ඇමෙරිකානු චන්ද්‍රිකාවල ආරක්ෂාවද මෙමගින් සැපයෙනු ඇති බව කියැවෙයි.
ස්පේස්කොම් ලෙස හැඳින්වෙන මෙම නව ආරක්ෂක විධානය මගින් අභ්‍යවකාශයේ ඇමෙරිකානු ආධිපත්‍ය කිසිදා අවදානමට ලක් නොවන බවට සහතික වනු ඇතැයි මෙය ප්‍රකාශයට පත්කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.
මෙම විශේෂ දිනයේදී ඇමෙරිකානු ආරක්ෂාව සහ යුද ශක්තිය අභ්‍යවකාශය තුළ මධ්‍යගත වන ආකාරය බොහෝදෙනෙකුට හඳුනාගත හැකි වනු ඇති බවද ට්‍රම්ප් අවධාරණය කළේය.
ස්ටාර් වෝර්ස් චිත්‍රපටය තුළ ඉස්මතු වූ යුද මෙහෙයුම් අනාගතයේදී ලෝකය හමුවේ දිගහැරෙන සිදුවීමක් ලෙසද මෙය යුද විශ්ලේෂකයන් හඳුන්වාදෙන අතර, මේ සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවද ශක්තිමත් කරමින් සිටියි.