සංචාරක රුසියානු රාජාලින්ගේ ගමන් මාර්ග නිරීක්ෂණයේදී යොදා ගැනෙන SMS දත්ත සේවා සඳහා ඇතැම් රටවලදී විශාල දත්ත ගාස්තු අයකිරීම හේතුවෙන් රුසියානු විද්‍යාඥයන් දැඩි අසීරුතාවකට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය මනාව අවබෝධ කරගත් රුසියාවේ මෙගාෆොන් දුරකථන සේවා සමාගම විසින් අදාළ දත්ත ගාස්තු ගෙවා දැමීමට ඉදිරිපත්ව ඇති අතර, ඒ වෙනුවෙන් ජනතාවගෙන් මුදල් එක්රැස් කිරීමේ සමාජ සේවා අරමුදලක්ද ඔවුන් ආරම්භ කර ඇත.
මෙම රාජාලින් රුසියාවේ දකුණුදිග ප්‍රදේශයේ සහ කසකස්ථානයේ සිට සිය සංචාරයන් අරඹන අතර, ඔවුන්ගේ මෙම සංචාරයන් නිරීක්ෂණයට යොදා ගැනෙන පහසුකම් හා බොහෝවිට මිල අධික වන්නේ ඔවුන් ඉරානය ආදී මැදපෙරදිග කලාපයේ පවා ඈත ප්‍රදේශ කරා පියාඹන විටදීය.
කසකස්ථානය තුළ මෙවැනි කෙටි පණිවුඩයකට ඩොලර් ශත 30ක් පමණ අය වුණත්, ඉරානය තුළ එය ඩොලරයකට ආසන්න අගයකි. මේ වනවිට මෙම රාජාලීන්ගෙන් ලබාගන්නා දත්ත අනුව සීත කාලවලදී එම පක්ෂීන් දකුණු ආසියානු කලාපය කරා පියාඹන බවද හඳුනාගෙන ඇත.