ඔස්ට්‍රේලියානු ජාතිකයන් 25,000කට වැඩි පිරිසක් මේ වනවිටත් විදේශයන්හි කොටුවී සිටින බවත්, ඔවුන් යළි රටට ගෙන්වා ගැනීම වේගවත් කිරීමට නොහැකි වීමෙන් රට තුළ ආතති තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
මේ වාතාවරණය තුළ ඔස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් පවසන්නේ ලබන සිකුරාදා සිට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,000කින් ඉහළ දැමීමට කටයුතු කරන බවය.
හෝටල් නිරෝධායනය සඳහා පැමිණෙන අයට නවාතැන් ලබාදෙන ප්‍රාන්තවලට තවමත් ඔවුන්ගේ අනුමැතිය ලබා දී නොමැත.
දැනට සතියකට 4,000කට පමණ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර දී ඇතත්, අවම වශයෙන් 25,000ක් පමණ විදේශයන්හි අතරමං වී සිටියි.
බොහෝ ඔස්ට්‍රේලියානුවන් පවසන්නේ සිය රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද ඔවුන් යළි යළිත් ගුවන් යානයෙන් පිටතට වීසිවන බවය.