පැය 19ක් එක දිගට සිදුවන මැරතන් ගුවන් ගමනක් සඳහා තම කාර්ය මණ්ඩලය මෙන්ම මගීන්ද සූදානම් දැයි පරීක්ෂා කිරීමේ ගමන් වාරයකට ක්වන්ටස් ගුවන් සේවය සැරසෙයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් දක්වා සෘජු ගුවන් ගමන් වාර ඇරඹීමට ක්වන්ටස් ගුවන් සේවය සූදානමින් සිටියි.
වර්ෂ 2022 සිට ඇරඹෙන මෙම නවතම ගමන් වඩාත් ප්‍රායෝගික කරගැනීමේ අරමුණින් ඔවුන් මෙම පරීක්ෂණ ගමන්වාර සිදුකිරීමට සූදානම් වෙයි.
කෙසේ වෙතත්, මෙය සාර්ථක වුවහොත් එදාමෙදා තුර ලොව සිදුවන දීර්ඝතම නොනවත්වා සිදුවන ගුවන් ගමන ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.
ඒ අනුව, මෙම වසර අවසානයේදී මෙම පරීක්ෂණ ගමන්වාර සිදුවන අතර, ඒ සෑම ගමනකදීම මගින් 40ක් ගමන් කරන අතර, ඒ අතරවාරයේදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කෙරෙයි.
මෙම ගමනේදී ඔවුන්ට මුහුණදීමට සිදුවන විවිධ කාලගුණික තත්ත්වයන් සහ සුළඟේ වේගයන් අනුව මෙම ගමන සඳහා වැයවන කාලය පැය 19ක් පමණ වනු ඇති බව ඔවුන් ගණන් බලා තිබේ.