ලෝකයේ 11 වැනි බිලියනපතියා ලෙස සැලකෙන ඩේවිඩ් කෝෂ් අවුරුදු 79ක් ආයු වළඳා සිය දිවියෙන් සමුගෙන තිබේ.
එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය වෙත අරමුදල් සපයන ප්‍රධාන කොටස්කරුවෙකු ලෙසද සැලෙකන ඔහු, කෝෂ් ඉන්ඩස්ට්‍රිස් හි බහුතර හිමිකාරීත්වයක් දැරූ තැනැත්තාය.
ඔහු සිය සහෝදරයා වූ චාර්ල්ස් සමග එක්ව මෙම ව්‍යාපාරය රැගෙන ගිය අතර, ෆෝබ්ස් සඟරාව විසින් ඔහු ලොව 11 වැනි බිලියනපතියා ලෙස නම්කර තිබුණි.
මිට් රොම්නි ඇමෙරිකානු ජනාධිපති ධුරයට තරග කළ අවස්ථාවේදී ඔවුන් එම මැතිවරණ ව්‍යාපාරයට දැවැන්ත මුදලක් යොදා තිබුණි.
කෙසේ වෙතත්, වත්මන් රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තියට ඔවුන්ගේ විරෝධය නිසා ඔවුන් ට්‍රම්ප් සමග පැවති සබඳතා තරමක් පළුදු වී තිබුණි.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ දළ වත්කම ඇ.ඩො.බිලියන 42.4කි.