එසෙක්ස් හි ශීත ලොරියේ තිබී සොයාගත් මළ සිරුරු චීන ජාතිකයන් බව මුලින් අනාවරණය වුවත්, ඉන් 6 දෙනෙකු වියට්නාම ජාතිකයන් බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
බී.බී.සී. වාර්තා පෙන්වා දෙන පරිදි වියට්නාමයේ පවුල් කිහිපයක් තමන්ගේ ඥාතීන් මෙම මියගිය පිරිස අතර සිටින බව මේ වනවිට පවසමින් ඇත.
ඒ අතර, 26 හැවිරිදි ෆාම් තායි ට්රා මයි නමැති තරුණියද වන බවත්, ඇය මෙම ඛේදවාචකය සිදුවන දිනයේ තමාට හුස්ම ගැනීමට නොහැකි බවට කෙටි පණිවුඩයක් සිය නිවස වෙත ලබාදී ඇති බවත් කියැවෙයි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලොරි රථයේ රියදුරු ඉන් අයෙකි.
මෙම වියට්නාම තරුණියගේ සොහොයුරා බී.බී.සීය වෙත පවසා තිබුණේ, තම නැගෙනිහ ස්ටර්ලිං පවුම් 30,000ක මුදලක් මිනිස් ජාවාරම්කරුවන්ට ගෙවා ඇති බවත්, ඇය අවසන් වරට සිටි ස්ථානය බෙල්ජියම බවත් සඳහන් කර තිබුණි.