ලිබියාවේ ජෙනරාල් හෆ්තාර්ගේ හමුදාවෙන් එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව තුර්කිය අවධාරණය කරයි.
තුර්කිය මෙසේ පවසා ඇත්තේ ජෙනරාල් ඛලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාව විසින් ලිබියානු මුහුදේ ඇති තුර්කි යාත්‍රාවන්ට පහර දෙන බවටත්, තුර්කි ව්‍යාපාර ඉලක්ක කරන බවටත් අනතුරු ඇඟවීමෙන් පසුවය.
ලිබියානු ජාතික හමුදාව විසින් එරට නැගෙනහිර සහ දකුණුදිග බොහෝ ප්‍රදේශ පාලනය කරන අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තරය පිළිගත් ලිබියානු රජය සමගද ගැටුමක නිරතව සිටියි.
තුර්කිය විසින් වත්මන් ලිබියානු රජයට සහාය පළ කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම අනතුරු ඇඟවීම කර තිබේ..