යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනක් රුසියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමග යුක්රේනය සහ රුසියාව අතර යළිත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මෙය යුක්රේන යාත්‍රා විසින් රුසියානු මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිසා ඇති වූවක් බවට රුසියාව චෝදනා කරයි.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් හදිසි ආරක්ෂක රැස්වීමක්ද කැඳවා ඇත්තේ සිද්ධිය තවදුරටත් දුරදිග යෑම වැළැක්වීමේ අරමුණින් බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙහි උණුසුම වඩාත් තීව්ර කරමින් යුක්රේනයේ කිව් අගනුවර රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට වූ එම කාර්යාලයට අයත් මෝටර් රථයක් විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවද සඳහන් වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍යයන් ද්විත්වයම එකිනෙකාට චෝදනා කරමින් සිටින බව පවසන විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්රිමියාවට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා දෙකක් සහ ටග් යාත්‍රාවක් රුසියාව විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙම සිද්ධිය අවස්ථාවේදී යුක්රේන නාවිකයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
කළු මුහුද සහ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ වූ අසෝව් මුහුදේ අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට රුසියාව හා යුක්රේනය අතර මෙම උණුසුම හටගෙන ඇත්තේ 2014 වසරේදී රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කිරීමේ සිද්ධියේ නවතම කූඨප්රප්තියක් ලෙසිනි.