භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කුණාටුවකට හසුව එහි වූ කන්ටේනර් පෙට්ටි 270ක් පමණ නෙදර්ලන්තයේ ආසන්න උතුරුදිග වෙරළ කලාපයන් වෙත ගොඩගසා තිබේ.
මෙම කන්ටේනර්වල රසායනික ද්‍රව්‍ය පවා ප්‍රවාහනය කරමින් සිට ඇති නිසා, මෙමගින් දැඩි පාරිසරික හානියක් සිදුවීමේ අනතුරක් පවතින බවද සඳහන් වෙයි.
අනතුරට පත්ව ඇති නෞකාව එම්.එස්.සී.සෝඊ ලෙස හඳුනාගෙන ඇති අතර, කන්ටේනර්වලින් ගොඩගසා තිබුණු ළමා සෙල්ලම් භාණ්ඩ සහ රූපවාහිනී යන්ත්‍ර නෙදර්ලන්ත වෙරළ තීරයන් වෙත පැමිණ තිබූ ආකාරය විදෙස් වාර්තාවල දැක්වුණි.
කෙසේ වෙතත්, මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තුනක් අතුරුදන්ව පවතින බවත්, මේවා සොයා වෙරළාරක්ෂක භටයන් මෙහෙයුමක් අරඹා ඇති බවත් බලධාරීහු පවසති.