නැගෙනහිර රුසියාවේ හමුදා කඳවුරකදී සොල්දාදුවෙකු සිය සහෝදර සෙබලුන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරමින් තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබේ.
රමීල් ලෙස හඳුනාගෙන ඇති මෙම සොල්දාදුවා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර, රුසියානු බලධාරීන්ට අනුව ඔහු යම් මානසික ව්‍යාධියකින් පෙළෙන බව හඳුනාගෙන ඇත.
චීටා නගරයේ ගෘනි ලෙසින් සැලකෙන ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් තුළ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුවන බව එරට ආරක්ෂක අංශ පවසයි.