රට තුළ සමානාත්මතාව ඇති කරන ලෙස ඉල්ලා චිලියේ සැන්තියාගෝ අගනුවරට රැස්වූ මිලියනයක පමණ ජනතාවක් සාමකාමී උද්ඝෝෂණයක නිරත වී තිබේ.
නගරය පුරා සැතපුම් කිහිපයක් පා ගමනින් ගිය විරෝධතාකරුවන් ධජ පතාක රැගෙන, පෝස්ටර් ප්රදර්ශනය කරමින් රට තුළ කඩිනම් ප්රතිසංස්කරණ ඉල්ලා සිටී.
සැන්තියාගෝ ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම අවස්ථාව චිලී ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් බවයි.
මෙම උද්ඝෝෂකයන්ට පිළිතුරු දී ඇති චිලී ජනපති සෙබස්තියාන් පිනේරා පවසා ඇත්තේ ජනතාවගේ හඬ රජයට හොඳින් ඇසුණු බවයි.