දකුණුදිග කැලිෆෝනියාවට බලපෑ රික්ටර් පරිමාණ 7.1ක අති ප්‍රබල භූකම්පනයකින් ඇමෙරිකාව දෙදරා ගිය බව විදෙස් වාර්තා පවසයි.
වසර 20ක ඉතිහාසයේ කැලිෆෝනියාවට බලපෑ ප්රබලතම භූ කම්පනය මෙය බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ලොස්ඇන්ජලීස් නගරයෙන් කිලෝමීටර් 240ක් ඊසානදිගට වූ රිජ්ක්‍රෙස්ට් නගරය ආසන්නයේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වී ඇති අතර, එය කි.මී.0.9ක් පොළොව අභ්‍යන්තරයේ හටගෙන ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා මෙම ප්‍රදේශයේම රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනයක් සිදුවූ අතර, එය රිකට්ර් පරිමාණ 6.4ක් ලෙස වාර්තා විය.
කෙසේ වෙතත්, ඇතිවී තිබෙන භූ කම්පනය මින් අවසන් නොවනු ඇති බව විශේෂඥ මතය වන අතර, මෙය භූ කම්පන වැලක් සිදුවන අනතුරු ඇඟවීම් බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙතරම් ප්‍රබල භූ කම්පනයක් හෝ ඊට වඩා ප්‍රබල භූ කම්පනයක් යළි ඇතිවීමේ සම්භාවිතාව 10%ක් පමණ බවද කියැවේ.
මෙක්සිකෝ දේශසීමාවේ වූ නෙවාඩා සහ ලාස් වේගාස් වෙතද භූ කම්පනයේ ප්‍රබලත්වය දැනී ඇති බව සඳහන් වෙයි.
මේ අතර, භූ කම්පනයෙන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ලබාදීමට අවස්ථාවක් නොමැති බව ආණ්ඩුකාරවරයා පවසා තිබේ.