එක්සත් ජනපදය, සිංගප්පූරුව සහ ඊශ්‍රායලය ඇතුළු නව රටවල් 13ක් සමග සිදුකරන සංචාරයන් සඳහා යුරෝපා සංගමය සිය සංචාරක තහනම් ලැයිස්තුවට බුරුලක් ලබාදෙමින්, අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහාද සංචාරක සීමාවන් ඉවත් කරන ලෙස සාමාජික රටවලට නිර්දේශ කර තිබේ.
විශේෂයෙන්ම චීනයේ හොංකොං, මැකාවෝ සහ තායිවානයද මෙම ලැයිස්තුවට ඇතුළත් වන බව යුරෝපා සංගමය පවසයි.
කෙසේ වෙතත් මෙසේ සංචාරය කරන්නන් ආසන්නතම කොවිඩ්-19 ආසාදනයක් නොමැති බවට පරීක්ෂණ ප්‍රතිඵලයක් හෝ එන්නත් කිරීමේ වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වනු ඇති බවද යුරෝපා සංගමය වැඩිදුරටත් පවසයි.