එක්සත් රාජධානියේ මහ මැතිවරණය ලබන දෙසැම්බර් 12 වැනිදා පැවැත්වීමට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කැමැත්ත පළ වී තිබේ.
මේ සඳහා මන්ත්‍රීවරුන් 438 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර 20 දෙනෙකු ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, මුලදී දෙසැම්බර් 09 යෝජනාව වුවද පසුව එය දෙසැම්බර් 12 දක්වා වෙනස් වී ඇත.
ඒ අනුව මෙම ඡන්දය පැවැත්වීමේ දිනයට අදාළ යෝජනාව ඉදිරියේදී ඉහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, බ්‍රිතාන්‍යයේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවීම ලබන නොවැම්බර් 06දා සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර, එහිදී දෙසැම්බර් 12දා දිනය ප්‍රතික්ෂේප නොවනු ඇති බව වැඩිදුරටත් පැවසෙයි.