මිසුරි ප්‍රාන්තයේ, වෝල්මාට් සුපරි වෙළෙඳ සැලක් වෙත වෙඩි නොවදින ඇඳුමකින් සැරසී, ගිනි අතැතිව පැමිණි තරුණයෙකු නිසා දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
පොලිස් අත්අඩංගුවට පත් ඔහු පවසා ඇත්තේ, ගිනි අවියක් අත දරමින් පොදු ස්ථානයක ගැවසීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට තමන් එලෙස පැමිණි බවයි.
දිමිත්‍රි ඇන්ඩ්රෙචෙන්කෝ නමැති තරුණයා යුද හමුදා සෙබලෙකු තරමට ගිනි අවිවලින් සන්නද්ධව වොල්මාට් වෙළෙඳ සැලකට ඇතුළු වී ඇති අතර, මෑතකදී එවැනි වෙළෙඳ සැලක් තුළ සමූල වෙඩි තැබීමකින් මනුෂ්‍ය ජීවිත 20ක් අහිමිවීමේ සිද්ධියේ උණුසුම නික්ම යාමටත් මත්තෙන් ඔහු මෙවැනි හැසිරීමක් පෙන්නුම් කර ඇත.
ඇමෙරිකානුවෙකුට ගිනි අවියක් අතදැරීමට අයිතිය ලබාදුන් දෙවැනි සංශෝධනය සම්බන්ධයෙන් වෝල්මාට් සුපිරි වෙළෙඳ සැල ගරු කරන්නේද යන්න පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය වූ බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත්, ත්‍රස්ත බියක් ඇති කිරීමේ චෝදනා යටතේ අභිචෝදකයන් විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ඔහු වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඇ.ඩො.10,000ක දඩයකට සහ වසර හතරක සිර දඬුවමකට ලක්විය හැකි බව එක්සත් ජනපද වාර්තා පවසයි.
මෑතකදී එරට ටෙක්සාස් ප්‍රාන්තයේ වොල්මාට් වෙළෙඳ සැලක සිදුවූ සමූල වෙඩි තැබීමකින් සහ ඔහයිඕ ප්‍රාන්තයේ අවන්හලක් ඉදිරිපිට සිදුවූ සමූල වෙඩි තැබීමකින් මිනිස් ජීවිත රැසක් අහිමි විය.