ඉන්දියාවේ ගෙවීගිය පැය 24 තුළ දෛනිකව නව කොවිඩ්-19 ආසාදිතයන් 86,498ක් වාර්තා කර ඇති අතර, එය දින 66ක් තුළ වාර්තා වූ අවම ආසාදිත අගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
දෙවැනි ආසාදන රැල්ලේ උච්චතම අවස්ථාව ලෙස මැයි 7දා වාර්තා 414,188ක් වන වාර්තාගත දෛනික ආසාදිතයන් සංඛ්‍යාවෙන් පසුව ඉන්දියාවේ ආසාදන මෙසේ තියුණු ලෙස අඩුවෙමින් තිබේ.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආශ්රිත මරණ 2,123ක් සිදුව ඇති අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 351,309ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, විශේෂඥයන් අවධාරණය කර ඇත්තේ මෙම ප්‍රකෘතිමත් වීම වෛරසයේ විකෘතිතාවන් සමග යළි අඩපණ වීමේ අවදානමක් පවතින නිසා එන්නත්කරණය වඩාත් කඩිනම් කළ යුතු බවයි. මේ තත්ත්වය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා නොමිලේ එන්නත ලබාදීම ප්‍රකාශයට පත් කරන ලදී.