මැලේසියාව වෙත සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත පරිත්‍යාග කිරීම පිළිබඳව මැලේසියානු විදේශ අමාත්‍ය හිෂාමුදීන් හුසේන් චීනයට සිය කෘතඥතාව පළ කළේය.
මෙම පරිත්‍යාගයෙන් වසංගතයට එරෙහිව මැලේසියාවට ඉමහත් පිටුවහලක් වනු ඇති බව හිෂාමුදීන් පැවසීය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර අන්‍යෝන්‍ය ප්රතිලාභ අත්කර ගත හැකි බව තමා විශ්වාස කරන බවත්, මෙම එන්නත් පරිත්‍යාගය කෙරෙහි සිය කෘතඥතාව චීනය වෙත නැවතත් පළ කරන බවත් ඔහු කියා සිටියේය.