ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සැලසුම් කළ පරිදි කොවිඩ්-19 දැඩි ලොක්ඩවුන් සීමාවෙන් ඉවත් වන බව වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.
කෙසේ වෙතත් සංචාර සහ රැස්වීම් සඳහා යම් යම් සීමාවන් තවත් සතියක් යනතුරු පවතින බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
අත්‍යව්‍යශ්‍ය ව්‍යාපාර හැර සෙසු අයට නිවෙස්වල රැඳී සිටීමට බල කළ සති දෙකකට පසු, මෙල්බර්න්හි මිලියන පහක පදිංචිකරුවන්ට බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 සිට පිටතට යාමට වැඩි නිදහසක් ලැබෙනු ඇත.
කෙසේ වෙතත්, ඔවුනට තම නිවෙස්වලින් කිලෝමීටර් 25ක් (සැතපුම් 15 ක්) ඇතුළත රැඳී සිටිය යුතු බව බලධාරීහු පවසති. නිවාස තුළ ඒකරාශී වීම් සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙන අතර ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ අනිවාර්යය වෙයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ බදාදා මෙල්බර්න් හි මාධ්‍යවේදීන් අමතමින් මෙය හොඳ දවසක් යැයි කියා සිටියේය.
"නමුත් අපි දන්නවා මෙය තවම අවසන් වී නැති බව. වික්ටෝරියා ප්‍රාන්තයේ සහ රට පුරා පුළුල් ලෙස එන්නත් ලබා ගන්නා තුරු වෛරසය තවමත් අප අවට සිටිය හැකි නිසා අවධානයෙන් පසුවීම වැදගත්." හෙතෙම වැඩිදුරටත් පැවසීය.