ඊසානදිග මාලි රාජ්‍යයේ සන්නද්ධ කල්ලියක් විසින් සිදුකළ ප්‍රහාරයකින් හමුදා භටයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය දශකයේ මාලි රාජ්‍යයේ හමුදාව ඉලක්ක කරමින් එල්ල වී ඇති ඉතා දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සැලකෙයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලි හමුදාව පවසන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
2012 වසරේ සිට මාලි රාජ්‍ය තුළ ගැටුම් වර්ධනය වෙමින් පැවති අතර, රටේ උතුරු කොටස වෙත ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බලය අත්පත් කරගැනීම මීට හේතු විය.
කෙසේ වෙතත්, ප්‍රංශයේ සහාය ඇතිව මෙම පළාත යළි අත්පත් කරගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකි වුවද, රට තුළ තවමත් අනාරක්ෂිත තත්ත්වයක් දැකිය හැකිය.
ප්‍රහාරයෙන් පසුව එම ප්‍රදේශය වෙත භට පිරිස් යොමුකර තිබූ අතර, ඉතා දැවැන්ත හානියක් සිදුව ඇති බවත්, සිද්ධියේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බවත් මාලි ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.