ඔස්ට්‍රේලියාවේදී මෝර ප්‍රහාරයකට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකුට හදිසි ප්‍රතිකාර ලබාදීමට සේවා මුක්ත හෙදියක හා අනුපූරක වෛද්‍යවරයෙකු සමත්ව තිබේ.
එහිදී, මෙම සංචාරකයා මෝරාගේ ප්‍රහාරයට ගොදුරු වී තිබුණේ ක්වීන්ස්ලන්ඩ් විට්සන්ඩේ දූපතේ සවුතැම්ප්ටන් හිදීය.
මෙම සංචාරකයාට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් ඔහුගේ ජීවිතය බේරාගත් හෙදිය සහ පරිපූරක වෛද්‍යවරයා ස්වීඩන්ජාතිකයන් වන අතර, ඔවුන් සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අවස්ථාවට මුහුණ දී ඇත.
එහිදී, මෙම සංචාරකයාගේ කකුලෙන් අධික ලෙස රුධිරය වහනය වීම වැළැක්වීමට ඔවුන් කටයුතු කරමින් හදිසි ප්‍රතිකාර ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.