මියන්මාරය වෙත ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග, ගිනිකොණදිග ප්‍රදේශය වෙත බලපා ඇති නායයෑම් තත්ත්වයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එරට මොන් ප්‍රාන්තය නායයෑම්වලට දැඩි ලෙස මුහුණදී ඇති අතර, මඩ සහ සුන්බුන් අතර සිරවුණු පුද්ගලයන් බේරාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
වාර්ෂිකව ඇද හැළෙන මෝසම් වර්ෂාව නිසා මියන්මාරයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් පවතින බවත්, බොහෝ නිවාස ගංවතුරට හසුව ඇති අතර, පාලම් කිහිපයකට ගංවතුර නිසා දැඩි අලාභානි සිදුව ඇති බවත් වාර්තා පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි, රට පුරා කඳවුරු රැසක 80,000කට අධික පිරිසක් අවතැන්ව සිටිති.
සිකුරාදා දිනයේ සිදුවූ නායයෑම් නිසා පවුන්ග් ප්‍රදේශයේ එක් ගම්මානයක නිවාස 27ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.