මයික්‍රොනීසියාවේ යැප් දූපතේ ජීවත් වූ එක්සත් ජනපද නීතිඥවරියකගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් සිදුකරයි.
දූපත් රාජ්‍යයක් වූ මයික්‍රොනීසියාවේ යැප් දූපත යනු අපරාධ ඉතා අල්ප රාජ්‍යයක් වන අතර, පසුගිය ඔක්තෝබර් 14දා ඇමෙරිකානු නීතීඥවරිය වන 33 හැවිරිදි රැෂෙල්ලේ බර්ජිරොන් සිය නිවස අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මෙම දූපතේ 12,000ක පමණ ජනතාවක් ජීවත් වන අතර, එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබූ ඇය මනුෂ්‍ය ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීමේ විශේෂඥවරියක මෙන්ම, යැප් දූපතේ වැඩබලන නීතිපති ජෙනරාල්වරිය ලෙසද කටයුතු කළාය.
තම සුරතල් සුනඛයා සමග ඇවිදීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී ඇයට වෙඩි තබා තිබුණු අතර වෙඩි තැබීමෙන් ඇගේ සුරතල් සුනඛයාද මියගොස් තිබේ.
ජර්මානු ජාතික ගුවන් නියමුවෙකු වූ සිය සැමියා සමග ජීවත් වී ඇති ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සුලමුල සොයාගැනීම සඳහා මයික්රොසීනියා පොලීසිය එක්සත් ජනපද FBI ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කරන බවද වාර්තා වෙයි.