මිනිසෙකු හා සමාන විශාලත්වයකින් යුතු පෙන්ගුවින් කුරුල්ලෙකුගේ පොසිල කොටස් කිහිපයක් නවසීලන්තයෙන් හමුවී තිබේ.
මෙම පොසිල අස්ථි කොටස් අනුව, එම පෙන්ගුවින් උසින් මීටර් 1.6 ක් සහ බරින් කිලෝග්රෑම් 80ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
ඉහත කී පෙන්ගුවින් විශේෂය මීට වර්ෂ මිලියන 56ත් 66ත් අතර පැලියෝසීන යුගයේ ජීවිතව ඇති බව සඳහන් වන අතර, කැන්ටබරි කෞතුකාගාරය එම සත්ත්වයා නම් කර ඇත්තේ 'යෝධ පෙන්ගුවින් (Monster penguin)' යනුවෙනි.
දැනට කැන්ටබරි කෞතුකාගාරයේ තබා ඇති වඳව ගිය, යෝධ සත්ත්ව විශේෂ වන ගිරවුන්, උකුස්සන්, වවූලන් සහ මීටර් 3.6ක් පමණ උසැති මොආ නම් කුරුල්ලා අතරට මෙම යෝධ පෙන්ගුයින්ද එක්කර තිබේ.